web hit counter
ඉන්දියාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලි 36 ක් මරුට

ඉන්දියාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලි 36 ක් මරුට

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ දෝඩා හි බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 36 දෙනෙකු මිය ගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ 19 දෙනාගෙන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Batote-Kishtwar ජාතික මහා මාර්ගයේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ පහළට වැටී ඇති බවයි ජම්මු ප්‍රාදේශීය කොමසාරිස් රමේෂ් කුමාර් සඳහන කර තිබෙන්නේ.

තුවාලකරුවන් රෝහල් ගත කිරීම සඳහා හෙලිකොප්ටර් සේවාවක් සූදානම් කරමින් සිටින බවද වාර්තා වේ.

අගමැති නරේන්ද්‍ර මෝදි සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර අනතුරින් මියගිය අයගේ පවුල්වලට රුපියල් ලක්ෂ 2 බැගින් වන්දි ලබා දෙන බවත් තුවාල ලැබූවන්ට රුපියල් 50,000 ක ආධාරයක් ලැබෙන බවත් පවසා තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )