තවත් බිත්තර තොගයක් දිවයිනට

තවත් බිත්තර තොගයක් දිවයිනට

ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර ලක්ෂ දහයක තොගයක් ඊයේ (04) රාත්‍රී දිවයිනට රැගෙන ආ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි.

එම බිත්තර තොගය මේ වනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම බිත්තර නියදි අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කරන බව ද ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය.

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර සාමාන්‍ය පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා මේ වන තෙක් අවසර ලැබී නොමැත.