ජ.වි.පෙ හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි විදුලි සැර වැදි ජිවිතක්ෂයට.

ජ.වි.පෙ හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රි විදුලි සැර වැදි ජිවිතක්ෂයට.

තම ගෙවත්තේ වගා කර තිබු එලවළු වගාව ආරක්ෂා කර ගැනිම සදහා ඇද තිබු විදුලි රැහැනක ගැටි එක්දරු පියෙකු (02) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය පොලිසිය පවසයි.

මෙසේ විදුලිසැර වැදි ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කල හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී හා 2023 ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පලාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස නුවරඑළිය ප්‍රාදේශීය සභාවට තරග වැදීමට නාමයෝජනා ලබා දී සිටි ප්‍රාදේශීය සභා කණ්ඩායම් නායක හා ජනතා විමුක්ති පෙරමුණේ විධායක කමිටු සාමාජික මයිකල් ඇකියුලස් ද සිල්වා යන (62) හැවිරිදි එක්දරු පියෙකි.

නුවරඑලිය ශාන්තිපුර පදිංචිව සිටි මයිකල් ඇකියුලස් මහතා සිය එලවළු වගාවට වන සතුන්ගෙන් සිදු වන හානි අඩු කර ගැනිම සදහා ඔහු විසින්ම නිවසින් විදුලි බලය ලබාගෙන කම්බි රැහන් ඇද සවි කල විදුලි වැටෙහි ඔහුගේ අත් පැටලීමෙන් විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව මරණය සම්බන්ධයෙන් මුලික විමර්ෂණ සිදු කල නුවරඑලිය පොලිසිය පවසයි.

නිවසේ ප්‍රධාන විදුලි පරිපාලන පුවරුවේ සිට වයරයක අධාරයෙන් කම්බි වෙත සෘජුවම විදුලිය සම්බන්ධ කෙරුණු විදුලි රැහැනක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්වූ මයිකල් ඇකියුලස් වගා භූමියේ සේවය කරන සුගත් මහතා කියා සිටියේ (02) දින උදෑසන සිට මයිකල් ඇකියුලස් මහතාගේ නිවසේ දොර ඇරී තිබියදී ඔහුගේ දුරකථනය නාද වන නමුත් පිළිතුරු නොදක්වන පසුබිමක ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගේ සහයෝගයත් සමග වගා භූමිය තුළ සොයා බැලීමේදී (02) දින රාත්‍රි 7.00 ට පමණ වගා භූමියේ බිම ඇද වැටී සිටියදි සොයාගත් බවයි.

මේ පිළිබඳව නුවරඑළිය පොලිසියට දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය සිද්ධිය ස්ථානයට පැමිණ විදුලි සැර වැදුන අදාල විදුලි රැහැන් විසන්ධි කෙරිණ.

මයිකල් ඇකියුලස් මහතාට විදුලි සැර වැදි ඇත්තේ (02) දින උදැසන වන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය සැකකරයි.

විදුලිසැර වැදි මියගිය මයිකල් ඇකියුලස් ජිවිතක්ෂයට පත් ස්ථානයේම ඔහුගේ දෑතේ තම ගෙවත්තෙන් නෙලා ගත් ස්ට්‍රෝබෙරි කිහිපයක්ද තිබු බව පොලිසිය පැවසිය.

මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය නුවරඑළිය දිසා අධිකරණය වැඩබලන මහේස්ත්‍රාත් ජයමිණි අඹගහවත්ත මහතා විසින් පැවැත්වු අතර, එහිදි මහෙස්ත්‍රාත්වරයා නුවරඑලිය පොලිසිය නියෝග කර සිටියේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර එහි වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.

සිද්ධිය පිළිබඳව පවුලේ ජාතීන් හා ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගෙන් අප කළ විමසුමකට අනුව ඔහුන් කියා මිය ගිය මයිකල් ඇකුයුලස් මහතා විදුහල්පති ශ්‍රේණියේ ගුරුවරයෙකු වන අතර, දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමේ අභිලාෂයෙන් ගුරු වෘත්තියට සමුදි දේශපාලන ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කළ අයෙකු වන ඔහුගේ බිරිඳ සමග දීර්ඝ කාලයකට ප්‍රථම දික්කසාද වී තම එකම පුතු සමග ශාන්තිපුර සිය නිවසෙ ජීවත් වූ බවත් , සක්‍රීයව දේශපාලන කටයුතු සිදු කළ බවත් ඔහුගේ පුතු විදේශ ගතවීමෙන් පසුව මේ වන සිය නිවසේ තනිවම ජීවත් වූ බවයි.

තවද ඔහු දේශපාලන භේදයකින් තොරව තමන් පදිංචි ගම වන ශාන්තිපුර ප්‍රදේශයට හා අනෙකුත් අවට ප්‍රදේශ ගනනාවකටම ඔහු මන්ත්‍රීධූරය හොබවන කාලයේදී ඉතාම අවංක ලෙස කටයුතු කර විශාල සේවයක් කල දේශපාලකයෙකු හැටියට ඔහුව දකින අතර ඔහුගේ වියෝව ගමට මෙන්ම රටටම දැඩි පාඩුවක් බවයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු (05) අඟහරුවාදා දින ශාන්තිපුර කලාපුර පොදු සුසාන භූමියේදී සිදු කරන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

Share This