රිච්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

රිච්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ අද (20) උදෑසන භූකම්පනයක් සිදුව තිබේ.

ඒ එරට වෙලාවෙන් උදෑසන 9.20ට පමණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූකම්පනය රික්ටර් මාපකයේ 6.2ක් ලෙසයි සටහන් වී ඇත.

එහි බලපෑම නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් එයින් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

Share This