බිත්තර කාල හමාරයි!

බිත්තර කාල හමාරයි!

බිත්තරයක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

බිත්තරයක තොග මිල මේ වන විට රුපියල් 55 ත් 58 ත් දක්වා ඉහළ ගොස් ඇති බවත් උත්සව සමය ආසන්න වන විට බිත්තරයක මිල රුපියල් 70 කට ආසන්න වනු ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.

එසේ වුවහොත් කේක් ඇතුළු උත්සව සමයේ බහුලව පාවිච්චි වන ආහාර වර්ග රැසක මිල ඉහළ යනු ඇති බව ද පාරිභෝගිකයෝ වැඩිදුරටත් සඳහන් කරති.

මේ අතර, හැටන් ප්‍රදේශයේ බිත්තර අලෙවිසැල් වල අද (12) දින රතු බිත්තරයක් රු 62/=, සුදු බිත්තරයක් රු 59-60/= වැනි සිල්ලර මිලකට අලෙවි වූ බව පාරිභෝගිකයන් පවසයි.

බිත්තර තොග වෙලෙදුන් ඊයේ (11) දින සිට බිත්තර මිල ඉහල දැමීම නිසා තමන්ට බිත්තර සිල්ලර මිල වැඩි කිරිමට සිදු වී ඇති බවයි, බිත්තර වෙලෙන්දුන් කියා සිටියේ.

Share This