ඉදිරි සති දෙකේදී බිත්තරය රු. 40 ට අඩුවෙන්

ඉදිරි සති දෙකේදී බිත්තරය රු. 40 ට අඩුවෙන්

ඉදිරි සති දෙකේදී බිත්තරයක් රුපියල් 40 ටත් අඩුවෙන් ලබාදිය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.

ඒ තත්ත්වය තුළ රජය පිටරටින් බිත්තර ගෙන්වන එක නතර වේවි යැයිද හෙතෙම පැවසීය.

ජනතාවට සහන මිලට බිත්තරයක් ලබාදීම තම සංගමයේ අරමුණ බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දැන් මේ පිටරටින් ගෙන්වන බිත්තරවලට වඩා ලංකාවේ බිත්තරයක් අරගෙන කන එක ලාභයි. කොහොමත් බිත්තරයක මිල තව පහළට යනවා. ඒ අනුව බිත්තරයක මිල රුපියල් 40 ටත් වඩා පහළ යනවා.

Share This