නතරකර ඇති ගුවන්යානා ගැන දැනුම් දීමක්

නතරකර ඇති ගුවන්යානා ගැන දැනුම් දීමක්

දැනට පර්යන්තවල නවතා දමා ඇති ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 05 සම්බන්ධයෙන් එම ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.

එයාර් බස් A320 NEO කාණ්ඩයට අයත් එම ගුවන්යානා අමතර කොටස් හිඟය නිසා එසේ නවතා දමා ඇති බව එම නිවේදනයෙන් දැනුම් දී තිබෙනවා.

ලොව පුරා මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීමට දීර්ඝ කාලයක් ගතවන බවට එහි තවදුරටත් සඳහන් වෙයි.

මේ වනවිට මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා ශ්‍රීලන්කන් එයාර්ලයින් සමාගම සැපයුම්කරුවන් සමග කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.

අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ එම ගුවන්යානා නවතා දමා ඇත්තේ මූල්‍යමය අර්බුදයක් නිසා නොව අමතර කොටස් සපයා ගැනීමට ඇති දුෂ්කරතාවය නිසා බවය.