ජී. එල්. ගේ පොහොට්ටු සභාපතිකම ගැන අද තීරණය වෙයි

ජී. එල්. ගේ පොහොට්ටු සභාපතිකම ගැන අද තීරණය වෙයි

අද (22) දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීමට එම පක්ෂයේ වත්මන් සභාපති ජී. එල්. පීරිස් මහතා සහභාගි නොවුණහොත්, එම පක්ෂයේ සභාපති ධුරය සඳහා වෙනත් පුද්ගලයකු පත්කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද දින පැවැත්වීමට නියමිත මහා සභා රැස්වීම සඳහා සහභාගි වන ලෙස ජී. එල්. පීරිස් මහතා වෙත දැනුම් දී ඇතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ව්‍යවස්ථාවේ මහා සභා රැස්වීම් පිළිබඳව සඳහන් නොවන බව සඳහන් කරමින් අද දින පැවැත්වීමට නියමිත මහා සභා රැස්වීමට විරෝධය දක්වා ඊට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවත් ඒ මහතා සඳහන් කර ඇත.

නමුත් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ලියාපදිංචි දේශපාලන පක්‍ෂ විසින් වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්විය යුතු බව සඳහන් කර ඇති බැවින් නියමිත පරිදි අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මුලස්ථානයේදී එම මහා සභා රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් පොදුජන පෙරමුණ පවසයි.