ත්‍රිරෝද රථ ගාස්තු ගැන දැනුම් දීමක්

ත්‍රිරෝද රථ ගාස්තු ගැන දැනුම් දීමක්

පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 13 කින් ඉහළ දැමීමට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරන්ට ප්‍රකාශයක් නොකරන බවත් ජනතාවත් සහ රියදුරාත් රැකෙන ආකාරයට ගාස්තු අයකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසයි.

ආණ්ඩුව මාසයෙන් මාසයට පෙට්‍රල් මිල සංශෝධනය කරන ආකාරයට ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය කළ නොහැකි බව කී ධර්මසේකර මහතා ත්‍රීරෝද රථ ගාස්තු නියාමනය සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආණ්ඩු කීපයකින් ඉල්ලා සිටිය ද එය නොකළ බව ද සඳහන් කළේය.

වර්තමාන ප්‍රවාහන අමාත්‍යවරයා මුණගැසී මීට දින කීපයකට පෙර ද ත්‍රීරෝද රථ නියාමනයට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිය ද එය ඵළක් නොවූ බවත් ජනතාව අපහසුතාවට පත්වීම පිළිබඳව පාලකයන්ට ප්‍රශ්නයක් නොමැති නම් කළ යුතු වෙනත් විකල්පයක් නොමැති බවත් ලලිත් ධර්මසේකර මහතා වැඩි දුරටත් පැවසීය.

Share This