කුකුල් මස් සහ බිත්තර මිල පහල යන ලකුණු

කුකුල් මස් සහ බිත්තර මිල පහල යන ලකුණු

බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය පියවර ගැනීම හේතුවෙන් ඉදිරියේ දී කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200ක මුදලකට අලෙවි කිරීමට හැකි බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

සති දෙකක් ඇතුළත බඩඉරිඟු ආනයනය කිරීමේ හැකියාව පවතින බව එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළා.

මෙම සහන මඟින් ඉදිරියේ දී බිත්තරයක් රුපියල් 40ක් වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බව ද එහි සභාපතිවරයා පැවසුවා.

Share This