ලංකාවේ ආගමික නිදහස පිරිහිලා! ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසමෙන් නිවේදනයක්!

ලංකාවේ ආගමික නිදහස පිරිහිලා! ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසමෙන් නිවේදනයක්!

ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පසුගිය වසරේ පිරිහීමට ලක්වීම හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසම සිය 2023 වාර්ෂික වාර්තාවෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත.

ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසම ප්‍රථම වතාවට මෙරට ආගමික නිදහස පිරිහීමට ලක්වීම හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා විශේෂ නිරීක්ෂණ ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුලත් කරන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.

ලෝකයේ රටවල රජයන් ආගමික නිදහස උල්ලංඝනය කළහොත් හෝ උල්ලංඝනය කිරීමේ සිදුවීම් නොසලකා හැරියහොත් එම රටවල් පිළිබඳ අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසම ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කරනු ලබයි.

ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසමේ 2023 වාර්ෂික වාර්තාව මගින් විශේෂ නිරීක්ෂණ ලැයිස්තුවට රටවල් 9 ක් නිර්දේශ කර ඇත. 2022 වසරේ එම ලැයිස්තුවට ඇතුලත් වූ ඇල්ජීරියාව සහ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව මෙවරත් ලැයිස්තුවට ඇතුලත් වී තිබේ.

ශ්‍රී ලංකාව, මැලේසියාව, තුර්කිය, උස්බෙකිස්තානය, කසක්ස්තානය, ඉරාකය, ඉන්දුනීසියාව, ඊජිප්තුව, අසර්බයිජානය, ඇල්ජීරියාව, මධ්‍යම අප්‍රිකානු සමුහාණ්ඩුව මෙවර විශේෂ නිරීක්ෂණ ලැයිස්තුවට ඇතුලත් වී ඇති රටවල් 11 වේ.