ප්‍රබල භූ කම්පනයකින් චීනයේ 100කට වැඩි පිරිසක් මරුට

ප්‍රබල භූ කම්පනයකින් චීනයේ 100කට වැඩි පිරිසක් මරුට

ප්‍රබල භූ කම්පනයකින් වයඹදිග චීනයේ 100කට වැඩි පිරිසක් ම්කියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් මාපකයේ ඒකක 6.2 ක් සටහන් කළ මෙම භූමි කම්පාව රාත්‍රී කාලයේ සිදුව ඇති අතර නිවාස ගණනාවක් සම්පූර්ණයෙන් බිමට සමතලා වී ඇත්තේ, නිදා සිටි පුද්ගලයන් සුන්බුන්වලට යට කරමිණි.

භූමි කම්පාවෙන් වැඩි බලපෑම් එල්ල වූයේ ගන්ෂූ පළාතටය.

සන්බුන් අතර සිරවුණු පිරිස් මුදා ගැනීම සහ තුවාලකරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර දීම කඩිනම් කරන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින් උපදෙස් දී තිබේ.

භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් හටගෙන ඇති බව පැවසේ.

භූ කම්පනයෙන් පුද්ගලයින් 222 දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වන විට වාර්තා වේ.

More than 100 people killed in earthquake in northwest China | Earthquakes  News | Al Jazeera

More than 100 killed in earthquake in China

Big Earthquake in China: More than 100 people died, and 200 Injured