කතරගම දේවාලයේ චූටි කපුරාල CCD යට භාරවෙයි

කතරගම දේවාලයේ චූටි කපුරාල CCD යට භාරවෙයි

රුහුණු කතරගම දේවාලයේ රන් තැටිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වූ බව පොලීසිය පවසයි.

කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය හොබවන සොමිපාල ටී රත්නායක සහ එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා සිය නිවෙස්වලින් පිටව ගොස් ඇති බවට පසුගිය දා තොරතුරු වාර්තා වුණි.

ඒ අනුව, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා එම නිවෙස්වෙත ගොස් ඇති කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට හිස් අතින් නැවත පැමිණීමට සිදුව තිබුණි.

කෙසේවෙතත් මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී ඇත්තේ, චුටි කපු මහතා බව පොලීසිය පවසයි.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට පූජා කර තිබූ පවුම් 38ක් බර රන් තැටියක් අස්ථානගත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්වී තිබේ.

ඉන්දියාවේදී මියගිය බවට වාර්තා වූ අංගොඩ ලොක්කා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ බිරිඳ විසින් 2019 වසරේදී මෙම රන් තැටිය කතරගම දේවාලය වෙත පූජා කර තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.