ගිලන්රථ රියදුරු වර්ජනයක්

ගිලන්රථ රියදුරු වර්ජනයක්

මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් අද (19) සහ හෙට (20) දෙදින වැඩවර්ජනයක නිරත වීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ගිලන් රථ සහ ප්‍රවාහන රියදුරු සංගමය පවසයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කරන ස්ථාන මාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බවයි, එහි සභාපති සම්පත් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ.

“ස්ථානමාරු ක්‍රමවේදයේ දී අපි දිගින් දිගටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආයතන සංග්‍රහයට අනුව තමයි අපේ ස්ථානමාරු සිදුවුණේ.

නමුත් මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමා අනුමත කරපු ස්ථානමාරු ඒකාබද්ධ රියදුරු සේවයේ ප්‍රතිපත්තිය අනුව මෙවර අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් එළියට මාරු කරලා තියෙනවා කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයට.

මෙවර ස්ථානමාරු කිරීමේ ක්‍රමවේදයේදී ජ්‍යෙෂ්ඨ, පළපුරුදු රියදුරන් 15 දෙනෙකු ඉල්ලීම නොතකා එළියට මාරු කරලා තියෙනවා.

මධ්‍යම පළාතේ ජනතාවට සේවය සලසන්න මේ පළපුරුදු සේවකයන් එළියට මාරු කරන එක නවත්වන්න අපි දෙදින සංකේත වැඩවර්ජනයක් සිදුකරනවා. අපේ විරෝධය පළ කරනවා. එසේ නොවන්නේ නම් ජනවාරි 1 සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යනවා.

Share This