හම්බන්තොට ට ආසන්න මුහුදේ භූ කම්පනයක්

හම්බන්තොට ට ආසන්න මුහුදේ භූ කම්පනයක්

හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8 ක් ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී අද (24) අලුයම 12.45ට පමණ භූකම්පනයක් හටගෙන තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනයෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේය.

එබැවින් මහජතාව අනිසි ලෙස බිය විය යුතු නැති බවයි, එම කාර්යංශය අවධාරණය කළේ.

 

Share This