දවසේ ලග්න පලාපල – 2023 අප්‍රේල් මස 24 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2023 අප්‍රේල් මස 24 වන සඳුදා

රාහු කාලය
7:30 am – 9:03 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

 

Qries

මේෂ

ශුභ සහ මිශ්‍ර ඵල දෙයි. අවිවේකී බවත් ගෙන දෙයි. රාජකාරි ක්‍රියා බහුල වෙයි. විදෙස් ගමන් යෙදේ. තම ඥාති මිත්‍රාදීන්ගේ අවශ්‍යතා මත වැය පසද ඉහළ යයි. හදිසි ධන ලාභ ලබයි. සෙම් බහුල රෝග මතුකරයි.

Date: 2023-04-24
ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ක්‍රියාශීලී දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් මත තම සිතිවිලි තරමක් චංචල වෙයි. ව්‍යාපාරවලින් ජයක් ගෙන දෙයි. භූමිය පිළිබඳ ක්‍රියාවන්ගෙන් ජයද දෙයි. අමතර ලාභද ලබයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුකරයි.

Date: 2023-04-24
ජය අංකය: 02
ශුභ වර්ණය: අලු පැහ
Qries

මිථුන

රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම්වල යෙදේ. කාගේත් ප්‍රසාදය දිනයි. තම ක්‍රියාකාරකම් විවේචනයට ලක් වීමට හේතුයි. ඉවසීමෙන් දවස ක්‍රියාකාරකම්වල යෙදීම ශුභයි. සන්ධි ඉදිමුම් රෝග, වාත රෝග සාදයි.

Date: 2023-04-24
ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ප්‍රීති සාද උත්සව වැනි දේ වලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. හෙළ වෙළෙඳාම්වලින් ජය ලබයි. දුරස්ථව සිටි තම ඥාති මිතරන් සමීප වන කරුණු යෙදේ. විදෙස් ගමන් සඳහා අවශ්‍ය කටයුතු කෙරේ. සිරසගත රෝගද මතුකරයි.

Date: 2023-04-24
ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

සිංහ

ශුභාශුභ ඵල ගෙනදෙයි. තරමක් ව්‍යාපාර කටයුතුවල යෙදේ. නිවාස අලුත්වැඩියා නව නිර්මාණ ආදිය සිදුකරයි. මනස චංචල කරවන දේ මතුවේ. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි. මුත්‍රා ආසාදන මතුවේ.

Date: 2023-04-24
ජය අංකය: 07
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ගමන් බිමන් බහුල වෙයි. උත්සව සැණකෙළි වැනි දේවලට සහභාගි වෙයි. නිවාස අලංකාරකරණයට හේතුයි. විනෝදජනක ක්‍රියාවන්හි යොමුවෙයි. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ධන ලාභද ගෙන දෙයි. සිරසගත රෝගද මතුකරයි.

Date: 2023-04-24
ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

තරමක් අවිවේකී දිනකි. නව බඩු බාහිරාදිය මිලට ගැනීමට හේතුයි. ඇඳුම් පැළඳුම් වැනි දේටද වැයපස ඉහළ යයි. කෘෂිකාර්මික කටයුතුවලින් ජයදෙයි. දුරගමන් විනෝද ගමන් යෙදේ. අමතර ලාභ ලබන දිනකි. පෙනහළු ආසාදන රෝගවලට හේතුයි.

Date: 2023-04-24
ජය අංකය: 04
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

අමතර ක්‍රියාකාරකම්වල යෙදේ. දුරගමන් බිමන්ද යෙදෙන අතර නිවාස අලුත්වැඩියාවලට හේතුයි. අලංකාර කටයුතු ඇඳුම් පැළඳුම් වැනි දේට මිල මුදල් වැය කරයි. නවක මිතුදම් ඇතිවේ. මුත්‍රා ආසාදන රෝග මතුකරයි.

Date: 2023-04-24
ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභවාදී ඵල මතුකරයි. තම ඥාතීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. තම නිවසේ උත්සව ශ්‍රියාවන් මතුකරයි. වැයපස ඉහළ යයි. වාතාධික රෝග මතුකරයි.

Date: 2023-04-24
ජය අංකය: 06
ශුභ වර්ණය: තැඹිලි
Qries

මකර

ශුභවාදී ඵල දෙයි. ක්‍රියාශීලී දිනකි. තම ඥාති සබඳතා වර්ධනය වෙයි. පරෝපකාරීව ක්‍රියාකරන දිනකි. විනෝදජනක ක්‍රියා උත්සව සැණකෙළි වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2023-04-24
ජය අංකය: 07
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභ දිනකි. ප්‍රබෝධමත්ව දවස ගෙවයි. ප්‍රීති උත්සව විනෝදජනක ක්‍රියාවන් ආදියෙහි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. විනෝදයෙන් දවස ගෙවෙයි. වැයපස ඉහළ යයි. මුඛ ආසාදන රෝගවලට හේතුයි.

Date: 2023-04-24
ජය අංකය: 01
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභ ඵල දෙයි. තම පවුලේ සාමාජිකයන් සමග විනෝදයෙන් දවස ගෙවයි. ඥාති මිත්‍රතා වර්ධනය වන කරුණු යෙදේ. උත්සව සැණකෙළි වැනි දේවලටද යොමුවන වැයපස ඉහළ යන දිනකි. ඉදිමුම් රෝගවලට හේතුයි.

Date: 2023-04-24
ජය අංකය: 09
ශුභ වර්ණය: කහ