මඩකලපුවට ඊසාන දිග මුහුදේ භූකම්පනයක්

මඩකලපුවට ඊසාන දිග මුහුදේ භූකම්පනයක්

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූකම්පනයක් හටගෙන තිබේ.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ, එම භූකම්පනය රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ බවයි.

කෙසේ වෙතත්, මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව ද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Share This