යතුරු පැදිය බසයේ වැදී තරුණයන් දෙදෙනෙකුට බරපතලයි

යතුරු පැදිය බසයේ වැදී තරුණයන් දෙදෙනෙකුට බරපතලයි

යතුරුපැදියක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් (05) දින සිදු වු අනතුරකින් යතුරුපැදිකරු සහ පසුපස අසුනේ ගමන් ගත් තරුණයෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු
තුවාලකරුවන් දෙදෙනා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි .

මෙම අනතුර සිදු වි ඇත්තේ (05) දිනඋදැසන 10 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේදිය.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ආපසු හොරණ දක්වා යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කරන අවස්තාවේ කොළඹ සිට හැටන් දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇත.

අධික වේගයෙන් ධාවනය කර ඇති යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් යතුරුපැදියට බරපතල ලෙස අලාභ හානි සිදු වි ඇති බවයි ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.