ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටි කාන්තාව ගැන බුද්ධි අංශ හෙලි කරයි

ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටි කාන්තාව ගැන බුද්ධි අංශ හෙලි කරයි

කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා ප්‍රභාකරන් ලෙස පෙනී සිටිමින් මහවිරු දිනය දා රූපවාහිනී නාලිකා කීපයක් ඔස්සේ දෙමළ ජනතාව ඇමතූ කාන්තාව දෙමළ ඩයස් පෝරාව විසින් කුළියට ගත් කාන්තාවක් බව හෙළිව තිබේ.

ඇය විසින් කළ ඉදිරිපත් කිරීමට කෘතිම බුද්ධියේ යොදා ගත් තාක්ෂණික මැදිහත්වීමක් සිදුකර ඇති බවත් බුද්ධි අංශ ඊයේ වනවිට (28) තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඇය පිළිබදව තොරතුරු සොයා බලන ලද ආරක්ෂක අංශ බුද්ධි අංශ වලට වාර්තා වී ඇත්තේ ඇගේ නම රාජරත්නම් මිත්තුයා බවය.

ඇය පිළිබදව තොරතුරු සොයා බලන ලද ආරක්ෂක අංශ බුද්ධි අංශ වලට වාර්තා වී ඇත්තේ, ඇගේ නම රාජරත්නම් මිත්තුයා බවය.

ඇය සතු ගමන් බලපත්‍රයේ විස්තර හා තොරතුරුද බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

Share This