web hit counter
දේශබන්දු ගේ බිරිඳට පොලිසියේ ලොකු පුටුවක්

දේශබන්දු ගේ බිරිඳට පොලිසියේ ලොකු පුටුවක්

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ වන අනුරාධා උමයංගනී විජයවර්ධන පොලිස් පවුල් සුබ සාධක සංගමයේ හා පොලිස් සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස පසුගියදා (01) දින කොළඹ 05, ප්‍රදේශයේ පිහිටි පොලිස් පවුල් සුබ සාධක සංගමයේ කාර්යාලයේ දී වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරී නිලයෙන් පහල නිලයන්වල පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් පවත්වාගෙන යන මෙම සංගමයේ සභාපතිත්වය සංගමයේ ව්‍යවස්ථාව අනුව පොලිස්පතිවරයාගේ බිරිඳ වෙත හිමි වෙනවා.

මේ වන විට පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම් මසනු ලබන මැහුම් හලක්, පොලිස් නිලධාරීන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන තුනක් පවත්වාගෙන යන මෙම සංගමය විසින් පොලිස් නිලධාරීන්ගෙ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ආධාර ලබා දීම, විශ්වවිද්‍යාල ආධාර ලබා දීම, මිය යන නිලධාරීන් වෙනුවෙන් මරණාධාර ලබා දීම, නිවුන් දරුවන් සඳහා කිරිපිටි ආධාර ලබා දීම, නිවාස ආධාර ලබා දීම ඇතුලු සේවාවන් රැසක් ඉටුකරගෙන යනු ලබන බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.

මෙම වැඩ බාරගැනීමේ උත්සව අවස්ථාව සඳහා හිටපු වැඩ බලන සභාපතිනිය වූ ප්‍රශාන්ති ප්‍රනාන්දු, ලේකම් පී. විජේසූරිය, භාණ්ඩාගාරික හා අධ්‍යාපන අධ්‍යක්ෂිකා ජයන්ති ඒකනායක, පොලිස් සුබ සාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය, පොලිස්පති ලේකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මදාරා ආරියසේන ඇතුළු නිලධරයන් රැසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )