ලංගමේ රියැදුරු – කොන්දොස්තරවරුන් 1000කට ස්ථිර පත්වීම්

ලංගමේ රියැදුරු – කොන්දොස්තරවරුන් 1000කට ස්ථිර පත්වීම්

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කළ රියැදුරු සහ කොන්දොස්තරවරුන් 1000කට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කර තිබේ.

දිවයින පුරා සියලු ඩිපෝ නියෝජනය වන පරිදි නියමිත සුදුසුකම් සපුරන ලද රියැදුරු සහ කොන්දොස්තරවරුන් පිරිසකට මෙලෙස පත්වීම් ප්‍රදානය කළ බවයි, ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

2018 වසරේ සිට කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ සේවකයින් සඳහා එලෙස ස්ථීර පත්වීම් ප්‍රදානය කර තිබේ.