නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්

නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්

නීති්‍ය්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 28 තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කළේය.

වසරකට ආසන්න කාලයක් තිස්සේ සැකකරු අත් අඩංගුවට නොගැනිමට හේතු දැක්විමට අධිකරණයේ පෙනි සිටින ලෙස කරණ ලද දැනුම් දිමක් අනුව මේ සම්බන්ධයෙන් විමරශණ පැවැත්වු පානදුර වලාන මධ්‍යම දූෂණ මරධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාර කේ.ඒ.උදය කුමාර මහතාද අධිකරණයේ පෙනිසිට කරුණු දක්වන ලදී.

එහිදි මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් උදය කුමාර මහතා කියා සිටියේ මෙම වාහනයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව ගාල්ල නගරයේදි පසුගිය වසරේ ඔක්තෝබර මස 30වනදින වාහනය නවතා පරික්ෂා කල බවය .

එහිදි මත්ද්‍රව්‍ය නොතිබු නමුත් වාහනය පදවන ලද පොලිස් කොස්තාපල්වයාට රියදුරු බලපත්‍රයක් නොතිබු අතර වාහනයට අදාල කිසිදු නිත්‍යානුකූල ලේඛණයක් නොතිබු බවද වැඩි දුරටත් පරකිෂා කිරිමේදි වාහනයේ චැසි අංකය සහ වාහනයේ අංකය ව්‍යාජ ඒවා බවත් වාහනයේ අංකය මීගමුව ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ නමින් ලියා පදිංචිව තිබු එකක් බවත් කියා සිටියේය.