උසස් තාක්ෂණ ඩිප්ලෝමාව හැදැරූ 500ක් ඉංග්‍රීසි ගුරුවරු ලෙස සේවයට

උසස් තාක්ෂණ ඩිප්ලෝමාව හැදැරූ 500ක් ඉංග්‍රීසි ගුරුවරු ලෙස සේවයට

දිවයිනේ පවතින ඉංග්‍රීසි ගුරු හිඟයට පිළියමක් ලෙස උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදැරූ 500 දෙනෙකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍යාංශය පැවසුවේ, 2021 වසරේ පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත එම පිරිස බඳවා ගන්නා බවය.

ඔවුන් දැනට ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු පවතින ජාතික හා පළාත් පාසල් වලට අනියුක්ත කරනු ලබයි.