දුරකථන අංකය Save නොකර WhatsAppහි ඇමතුම් ලබා ගැනිමේ සහ පණිවිඩ යැවිමේ හැකියාව

දුරකථන අංකය Save නොකර WhatsAppහි ඇමතුම් ලබා ගැනිමේ සහ පණිවිඩ යැවිමේ හැකියාව

යම් දුරකථන අංකයකට WhatsApp ඔස්සේ ඇමතුමක් ගැනීමේදී හෝ පණිවිඩයක් යැවීමේදී එම දුරකථන අංකය ජංගම දුරකථනය තුළ Save කලයුතු වන අතර එම අපහසුතාවය මඟ හරවා ගැනීමට අලුත් Update එකක් හඳුන්වා දීමට එම සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව, දුරකථක අංකය යොදා ගෙන Search කිරීම ඔස්සේ ඔබගේ Contact List එක තුළ Save කර නොමැති දුරකථන අංකවලට WhatsApp පණිවිඩ යැවීමේ හෝ ඇමතුම් ගැනීමේ හැකියාව ලැබෙන බවයි, එම සමාගම පවසන්නේ.

කෙසේ වෙතත් මේ වන විට සියලු Android සහ iOS පරිශීලකයින් වෙත මෙම නවතම සංස්කරණය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, Start New Chats වෙත ගොස් ඔබට අවශ්‍ය දුරකථන අංකය Type කිරීම ඔස්සේ අදාළ WhatsApp ගිණුම සඳහා පණිවිඩ යැවීමට සහ ඇමතුම් ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

එම පහසුකම ලබා ගන්නා අයුරු පහතින්.
1) WhatsApp search box එකේ “You” තෝරා ගන්න. 
2) එයට පණිවිඩය යැවීමට අවශ්‍ය දුරකථන අංකය ඇතුලත් කරන්න. 
3) ඉන් අනතුරුව “Chat with (Phone number)” option තෝරා ගන්න. 
4) අදාළ පණිවිඩය Type කර Send කරන්න.
Share This