රඹුක්කන කසල ගොඩකින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

රඹුක්කන කසල ගොඩකින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

රඹුක්කන දලුකගල හන්දිය ආසන්නයේ කසළ බැහැර කරන ස්ථානයක තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබෙනවා.

මෙම අස්ථි කොටස් කවුරුන් විසින් මෙම ස්ථානයට ගෙනැවිත් දැමුවා දැයි යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

සොයාගත් මිනිස් අස්ථි කොටස් සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Share This