මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 40%ක් දරුවන් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 40%ක් දරුවන් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

සමස්තයක් ලෙස මෙරට දරුවන් ඩෙංගු රෝගයට ගොදුරු වීම සියයට 40ක ප්‍රතිශතයක් ගන්නා බව වෛද්‍යවරු පෙන්වා දෙති. මධ්‍යම පළාත තුළ එය සියයට 20ක ප්‍රතිශතයක් ගන්නා බවට අනාවරණය වී ඇත.

තුම්පනේ ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වූ අවස්ථාවේ සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත මෙම කරුණු අනාවරණය වී තිබේ.

මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දන වැඩසටහන් පිළිබඳ කරුණු ඉදිරිපත් වූ අතර එහිදී සඳහන් වූයේ ඩෙංගු රෝගී තත්ත්වය වසංගත තත්ත්වයක් දක්වා තවමත් වර්ධනයක් වී නොමැති බවය.

රාජ්‍ය ආයතනවල ඩෙංගු මදුරු කීටයන් හමුවීම වැඩි වශයෙන් පෙන්නුම් කරන බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.