නිදා සිටි පුද්ගලයකුගේ හිසට පිහියෙන් ඇන ඝාතනය කරලා

නිදා සිටි පුද්ගලයකුගේ හිසට පිහියෙන් ඇන ඝාතනය කරලා

අක්මිමණ කපුහෙම්පල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයකුගේ අද අලුයම හිසට පිහියෙන් ඇන මරා දමා ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ කපුහෙම්පල කාතු‍හේනවත්ත පදිංචි ගොඩාමුණ විතානගේ දිලිප් නානායක්කාර නමැති 38හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු නිවසේ සාලයේ බිම නිදා සිටියදි අලුයම හතරට පමණ නාඳුනන පුද්ගලයකු නිවසට ඇතුළු වී ඔලුවට පිහියෙන් ඇන ඝාතනය කර ති‍බෙන බව පොලිසිය පවසයි. පිහිය ඔලුවේ තිබියදිම ඝාතකයා පලාගොස් ඇත.