චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව, මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය තමා විසින් කතානායකවරයා වෙත භාරදුන් බවයි, අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ.

සමාජයෙන් එල්ල වන විරෝධය ඊට හේතුව බවත් කිසි විටෙකත් සමගි ජන බලවේගයෙන් තමාට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවූ බවත් සජිත් ප්‍රේමදාස මහතා තමාට පියෙක් වගේ සැලකූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනතාව කැමති පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා මැතිවරණයක් තබන්නයි ඉල්ලා සිටින බවද චමින්ද විජේසේකර මහතා මෙහිදී පැවසීය.

මේ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමින්ද විජේසිරි මහතාගේ අසුන හිස්ව ඇති බව පාර්ලිමේන්තු මහ‍ලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දීමට නියමිතය.

Share This