ඝාතන සිද්ධියටකට පුද්ගලයන් දෙදෙනෙකුට මරණ දඬුවම

ඝාතන සිද්ධියටකට පුද්ගලයන් දෙදෙනෙකුට මරණ දඬුවම

පුද්ගල ඝාතන සිදුවීමකට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ මරණීය දණ්ඩනය නියම කර තිබේ.

පසුගිය 2002 වසරේ අගෝස්තු මස 08 වනදා කොළඹ ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී සින්නයියා නඩේෂන් නමැති පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ නඩු විභාගයකින් අනතුරුව විනිසුරු අමල් රණරාජා විසින් එම නියෝගය නිකුත් කර තිබේ.

එම විත්තිකරුවන් දෙදෙනාට පැමිණිල්ල විසින් ගොනුකළ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවට නිගමනය කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

එම නඩුවේ දෙවන සහ හතරවන විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර ති‌බේ.

Share This