යුක්තියෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බස් දෙකක් ලංගමට

යුක්තියෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බස් දෙකක් ලංගමට

යුක්තිය මෙහෙයුම යටතේ බෙම්මුල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් දේපල බව කියන බස් රථ දෙකක් ගම්පහ ලංගම ඩිපෝවට බාර දෙන ලෙස ගම්පහ අධිකරණය මගින් නියෝග කිරීම මත එම බස්රථ ඩිපෝවට බාරදීමට පියවර ගෙන ඇත.

එම බස්රථ දෙක මේ වනවිට ගම්පහ ඩිපෝවට රැගෙන විත් ඇති අතර ඩිපෝ අධිකාරී එම්.ඩබ්ලිව්. කමලසිරි මහතා සදහන් කර සිටියේ, ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් ලබාදෙන උපදෙස් අනුව බස්රථ මගී ප්‍රවාහනය සදහා යෙදවීමට කටයුතු කරන බවය.

Share This