ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන අවසන් තරගය අද

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන අවසන් තරගය අද

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (07) පැවැත්වීමට නියමිතය.

අද පැවැත්වෙන තරගය දෙපිලටම තීරණාත්මක තරඟයක් වන අතර මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්‍රහණය කර සම තත්ත්වයේ පසුවේ.

පළමු එක් දින තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුළු 06කින් ජයග්‍රහය කිරීමට සමත් වුණි.

කෙසේ වෙතත් දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම 132 විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය.

Share This