යුක්‍රේන- රුසියා යුද්ධයට ගිය ලාංකිකයන් 6ක් ජීවිතක්ෂයට

යුක්‍රේන- රුසියා යුද්ධයට ගිය ලාංකිකයන් 6ක් ජීවිතක්ෂයට

මිනිස් ජාවාරම්කරුවන් විසින් යුක්‍රේන- රුසියා යුද්ධයේ රුසියානු හමුදාවට එක්වීම සඳහා මෙරටින් යවන ලද ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මෙතෙක් සිදුකළ පරීක්ෂණ වලදී ඒ බව තහවුරු වී ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඒ සම්බන්ධ නිවරැදි සංඛ්‍යා සොයාගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවයි.