කුසගින්නෙන් මිය ගිය බවට සැක පුද්ගලයන් 47කගේ සිරුරු කෙන්යාවෙන් හමුවේ

කුසගින්නෙන් මිය ගිය බවට සැක පුද්ගලයන් 47කගේ සිරුරු කෙන්යාවෙන් හමුවේ

වෙරළබඩ නගරයක් වන Malindi අසලින් සිරුරු 47 ක් කෙන්යානු පොලිසිය විසින් ගොඩගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව ආගමික දේශකයෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එම දේශනා වලදී අනුගාමිකයන්ට කුසගින්නේ මිය යන ලෙස පවසා ඇති බවයි තොරතුරු හෙළිව තිබෙන්නේ.

මියගිය අය අතර කුඩා දරුවන්ගේ සිරුරු ඇති බවත් ගොඩගැනීම් සිදුවෙමින් පවතින බවත් එරට පොලිසිය සඳහන් කරනවා.

වළ දමා ඇති සිරුරු Shakahola වනාන්තරයේ තිබී සොයාගෙන ඇති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් Paul Makenzie Nthenge නැමති අයෙක් අත්අඩංගුවේ පසුවන අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය පවසනවා

කෙන්යානු විද්‍යාඥයින් DNA සාම්පල ලබාගෙන මිය ගිය අය සාගින්නෙන් මිය ගියේද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණ පවත්වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කෙන්යානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කිතුරේ කින්ඩිකි සඳහන් කර තිබෙන්නේ වනාන්තරයේ අක්කර 800 ක ප්‍රදේශයක් අපරාධ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.

Kenya: Police exhume 21 bodies in starvation cult probe – DW – 04/23/2023

Kenya cult deaths: 47 bodies found in investigation into 'starvation cult'  - BBC News

Starved to death': Several bodies exhumed amid probe on cult in Kenya

Seven bodies exhumed in controversial pastor Mackenzie's land