හැටන් බස් නැවතුම්පොල තුළ පුද්ගලයෙකු මිය ගිහින්

හැටන් බස් නැවතුම්පොල තුළ පුද්ගලයෙකු මිය ගිහින්

හැටන් ලංගම බස් නැවතුම්පොල භුමියේ දින ගණනාවක් රැදි සිටි පුද්ගලයෙකු එම බස් නැවතුම්පොල තුලම අද (19) උදැසන මියගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි.

අවු 65-70 වයස් කාණ්ඩයේ පසුවන මියගිය පුද්ගලයා බස් නැවතුම්පොල භුමියේ රැදි සිටි බවත්, ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවත් හැටන් පොලිසිය පවසයි.

හැටන් ප්‍රදේශයට අලුයම් කාලයේ පවතින අධික සීතල කාලගුණය හේතුවෙන් බස් නැවතුම්පොල භුමියේ රැදි සිටි පුද්ගලයා මිය ගියේද යන්න පිලිබදව පොලිසිය සැකකරන අතර , මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බවත් හැටන් පොලිසිය පැවසිය.

Share This