ෆොන්සේකාගේ සජබ තනතුරු ගැන අධිකරණය දුන් නියෝගය

ෆොන්සේකාගේ සජබ තනතුරු ගැන අධිකරණය දුන් නියෝගය

සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ තනතුරු අත්හිටුවීම සහ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරු වෙත මෙම වාරණ නියෝග නිකුත් කළේය.

මෙම වාරණ නියෝගය දින 14ක් දක්වා බලපැවැත් වේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහි විත්තිකරුවන් ලෙස නම් කර තිබිණි.