web hit counter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය තාවකාලිකව වැසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය තාවකාලිකව වැසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය පොලීසිය විසින් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මේ අනුව, මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇත.

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් වැළැක්වීම සඳහා මේ වන විට පොලීසිය සහ හමුදාව කැඳවා ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගය තාවකාලිකව වසා ඇති බව සඳහන්ය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාව පිලිබඳ විවාදය අද (09) පාර්ලිමේන්තුවේ දී මේ වන විට පැවැත්වෙයි.

එම යෝජනාවට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30 පැවැත්වීමට නියමිතයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )