ගසක ගැට ගැසූ රෙදි කැබැල්ලක ගෙල සිරවී සිසුවෙක් ජීවිතක්ෂයට

ගසක ගැට ගැසූ රෙදි කැබැල්ලක ගෙල සිරවී සිසුවෙක් ජීවිතක්ෂයට

සිය නිවස අසල සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවෙක් ගෙල සිරවිමෙන් (11) දින පස්වරුවේ ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නුවරඑලිය පොලිස් වසමට අයත් නුවරඑලිය මාගස්තොට කටුමාන ප්‍රදේශයේ පදිංචිව සිටි ශිවකුමාර් දිලක්ෂන් නැමති අවු 12 හැවිරිදි පාසල් සිසුවෙකි.

ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා (11) දින සිය නිවස අසල පිහිටි ගසක රෙදි කැබැල්ලක් ගැටගසා සෙල්ලම් කරමින් සිට ඇති අතර , එම අවස්තාවේ රෙදි කැබැල්ලට සිසුවාගේ ගෙලෙහි සිරවිමෙන් සිසුවා එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලේ බාල දරුවා මෙසේ මියගොස් ඇති අතර , මියගිය සිසුවාගේ පියා මීට වසර පහකට පමණ පෙර රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවත් , මව දරුවන් තිදෙනා සමග එම නිවසේ සිට ඇති බවයි පොලිසිය කියා සිටියේ.

තම බාල සහෝදරයා සෙල්ලම් කිරීමට ගොස් නැවත නිවසට නොපැමිණි නිසා නිවස අසල ඔහු සෙල්ලම් කල ස්ථානය පරික්ෂා කිරිමේදි සහෝදරයා ගසෙහි බැද තිබු රෙදි කැබැල්ලේ ගෙල සිර වි එල්ලි සිටි බව ජිවිතක්ෂයට පත් සිසුවාගේ සහෝදරිය පැවසිය.

සිසුවාගේ ගෙල සිරවිම සම්බන්ධයෙන් නිවස අසල පදිංචිකරුවන්ගෙන කල ‍විමසුමකට ඔවුන් කියා සිටියේ ජිවිතක්ෂයට පත් සිසුවා සෑම දිනකම එම ස්ථානයේ සෙල්ලම් කරන බවත්, මිය යන දිනයේත් උදෑසන සිට එම ගස අසල සෙල්ලම් කරමින් සිටි බවයි.

නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානයේ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණය වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

සිසුවාගේ මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් සිදුකිරීමට නියමිතය.

Share This