එක්තැන්ව සිටි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කළ හමුදා සෙබළෙක් අත්අඩංගුවට

එක්තැන්ව සිටි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කළ හමුදා සෙබළෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 15 ක බාල වයස්කාර පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට, යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව මහවිලච්චිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තන්තිරිමලය යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවයේ නියුතුව සිටි යුධ හමුදා සෙබළෙකි.

සිද්ධියට මුහුණපා ඇති දරුවා හදිසි අනතුරකට ලක්ව පාදයට සිදුවූ ආබාධයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට නිවසට පැමිණි දිනයේදී මෙලෙස අපයෝජනයට ලක්ව ඇති බව පොලිසිය කියයි.

පියා නොමැතිව තම මව සහ බාල සොහොයුරා සමඟින් ජීවත්ව සිටින අතරතුර මව රැකියාව සඳහා පිටත්ව ගිය අවස්ථාවේදී නිවසට පැමිණ ඇති සැකකාර සෙබලා, පාදයේ ආබාධයකට ලක්ව සිටි එම බාල වයස්කාර සිසුවා අපයෝජනයට ලක් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මහ විලච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.