ධාවනයට සුදානමින් තිබූ ගුවන් යානයක එන්ජිම තුළට ඇදී යාමෙන් පුද්ගලයෙක් මරුට

ධාවනයට සුදානමින් තිබූ ගුවන් යානයක එන්ජිම තුළට ඇදී යාමෙන් පුද්ගලයෙක් මරුට

ක්‍රියාත්මක වෙමින් තිබූ ගුවන් යානයක එන්ජිමට ඇදී යාමෙන් ඇම්ස්ටර්ඩෑම් හි Schiphol ගුවන් තොටුපළේදී පුද්ගලයකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඩෙන්මාර්කය බලා පියාසර කිරීමට නියමිතව තිබූ KLM ගුවන් සේවයට අයත් Embraer ජෙට් යානයක එන්ජිමට ඇදී යාමෙන් අදාළ පුද්ගලයා ඊයේ (බදාදා) මියගොස් තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙදර්ලන්ත හමුදා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙම සිද්ධිය හදිසි අනතුරක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න නොදන්නා බව හමුදා පොලිසියේ ප්‍රකාශකයකු වන Marechaussee රොයිටර්ස් පුවත් සේවයට පවසා ඇත.

සිද්ධියත් සමග යානයේ සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කර තිබේ.

ප්‍රංශ-KLM හි කොටසක් වන KLM, මෙම සිදුවීම පිළිබඳව විමර්ශනය කරන බව සඳහන් කරයි.

කෙසේවෙතත් KL1341 දරන අදාළ ගුවන් යානය පසුව Billund බලා පිටත් විය.