ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් – 30 ක් මරුට

ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් – 30 ක් මරුට

මධ්‍යම ගාසා තීරයේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය අවතැන් වූ පලස්තීනුවන්ට නවාතැන් දෙන පාසලක් ඉලක්ක කර ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් එම පාසලේ රැඳී සිටි 30 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් 23 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 30 කට වැඩි පිරිසක් සිටි බව ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායල හමුදාව පැවැසුවේ, හමාස් සටන්කාමීන් පාසල තුළ සිට ක්‍රියාත්මක වන බවත් ඔවුන් ඉලක්ක කර ප්‍රහාරය එල්ල කළ බවත්ය.

තමන් ඩේර් අල් බෙලාහි නගරයේ ත්‍රස්තවාදීන් සහ ත්‍රස්ත ඉලක්ක රැසක් වෙත ප්‍රහාර එල්ල කරමින් තව මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ඊශ්‍රායල හමුදාවද තහවුරු කර තිබේ.