![ටැන්සානියාවේ ගංවතුරකින් පුද්ගලයින් 155ක් ජීවිතක්ෂයට ටැන්සානියාවේ ගංවතුරකින් පුද්ගලයින් 155ක් ජීවිතක්ෂයට](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/04/tan.jpg?quality=100&f=auto)
ටැන්සානියාවේ ගංවතුරකින් පුද්ගලයින් 155ක් ජීවිතක්ෂයට
ටැන්සානියාවේ ගංවතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 236 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට බොහෝ ප්‍රදේශවල දින කිහිපයක සිට පවතින දැඩි සුළං, ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන ලක්ෂ 2කට අධිකයි.
නිවාස 10,000කට වැඩි සංඛ්‍යාවකට ඉන් හානි සිදුවී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන්.
මේ අතර, අසල්වැසි කෙන්යාවටද එම ගංවතුර තත්ත්වය බලපා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කෙන්යාවේද 32 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
ගංවතුර හේතුවෙන් කෙන්යාවේ පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන එක් ලක්ෂ තුන්දහස් පන්සියයකි.
![](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/04/AP24116547677860-1714074778-650x433.webp?quality=100&f=auto)
![](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/04/900x506_cmsv2_c8610dee-8a7a-52e6-aa16-668ac58641b4-8373692-650x365.webp?quality=100&f=auto)
![](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/04/5c8dd7e5-f18a-4b13-9322-0575fa4b9188-650x433.jpg?quality=100&f=auto)