හික්කඩුව මුහුදේ දිය නෑමට ගිය රුසියානුවෙක් ජීවිතක්ෂයට

හික්කඩුව මුහුදේ දිය නෑමට ගිය රුසියානුවෙක් ජීවිතක්ෂයට

හික්කඩුව වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දිය නාමින් සිටි 29 හැවිරිදි රුසියානු ජාතිකයෙකු ඊයේ සවස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති වාර්තා වෙයි.

ජීවිතාරක්ෂක නිලධාරියා විසින් රුසියානු ජාතිකයා බේරා ගැනීමෙන් පසු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් ඔහු රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )