අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත තවත් මාස 06ක සිරදඩුවමක්

අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත තවත් මාස 06ක සිරදඩුවමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් මේජර් (විශ්‍රාමික) නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට අභියාචනාධිකරණය විසින් මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

එම සිරදඬුවම අජිත් ප්‍රසන්න මහතා දැනට ගෙවමින් සිටින වසර 04ක සිරදඬුවම අවසන්වීමෙන් පසුව ක්‍රියාත්මක වන බවත් තීන්දුවේ සඳහන් වෙයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.

2019 වසරේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කළ ප්‍රකාශයකට අනුව අධිකරණයට අපහාසයක් සිදු වූ බව පවසමිනුයි අදාළ නඩුව ගොනු කර තිබුණේ.