web hit counter
ලුණුවිල පාසල ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

ලුණුවිල පාසල ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

ලුණුවිල දෙමටපිටිය විදුහලේ ගේට්ටුව අසල නිරුවත් පිරිමි මළ සිරුරක් තිබී අද (31) උදෑසන සොයාගත් බවමාරවිල මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම පුද්ගලයාගේ හිසේ ලේ ගලන තුවාලයක් පෙනෙන්නට ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පැවැසීය.

මෙය ඝාතනයක් බව මූලික විමර්ශන වලින් පෙනී ගොස් ඇතැයි පොලීසිය පවසයි.

මළ සිරුර මුනින් අතට වැටී ඇති අතර ඒ අසල යතුරුපැදියක ආරක්ෂිත හිස්වැස්මක් ද තිබී පොලිසිය සොයා ගෙන ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව දුම්මලදෙනිය පදිංචිව සිටි අසේල පෙරේරා නැමැති අයෙකි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )