අමෙරිකාවේ වෙඩි තැබීමකින් 22ක් මරුට

අමෙරිකාවේ වෙඩි තැබීමකින් 22ක් මරුට

අමෙරිකාවේ මේන් ජනපදයේ ලුවිස්ටන් නුවර අවන්හලක සහ ‘බෝලිං’ ක්‍රීඩාගාරයක් තුළ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තවත් පුද්ගලයින් 50ත් – 60ත් අතර ගණනක් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව නීතිය බලාත්මක කිරීමේ කණ්ඩායම් පවසයි.

සිද්ධියට සම්බන්ධ 40 හැවිරිදි Robert Card නම්වූ පුද්ගලයෙකු සැකකරුවෙකු ලෙස පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මේන් හි පොලිස් නිලධාරීන් පවසන්නේ Robert Card පුහුණුව ලත් ගිනි අවි උපදේශකයෙකු සහ එක්සත් ජනපද හමුදා සංචිතයේ සාමාජිකයෙකු බවයි.

මේ අතර වෙඩිතැබීම සිදුකළ සැකකරුගේ යැයි පැවසෙන ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කිරීමට ලුවිස්ටන් පොලීසිය කටයුතු කර තිබේ.

මේන් ප්‍රාන්තයේ Lewistonහි සිදුවූ සමූහ වෙඩි තැබීම්වලින් පසුව ජනාධිපති Joe Biden නිලධාරීන් සමග සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා අදාළ පියවර හැකි ඉක්මනින් ගන්නා ලෙසට ආරක්ෂක අංශ දැනුවත් කර තිබේ.