ඝාතනයට ලක්වූ අමරකීර්ති අතුකෝරළ මහතා සිහිකර බෝධි පූජා පින්කමක්

ඝාතනයට ලක්වූ අමරකීර්ති අතුකෝරළ මහතා සිහිකර බෝධි පූජා පින්කමක්

දිවංගත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ දෙවන ගුණානුස්මරණය වෙනුවෙන් බෝධි පූජා පින්කමක් අද දින (09) කොළඹ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

පොදුජන තරුණ පෙරමුණ මගින් සංවිධානය කරන ලද මෙම බෝධි පූජා පින්කමට නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ගලගම ධම්මරංසි හිමි, රාජ්‍ය අමාත්‍ය සිසිරි ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගි විය.

මෙහිදී අමරකීර්ති අතුකෝරාල මහතාගේ ආරක්ෂක නිලධාරියාව සිටි සැරයෙන් ජයන්ත ගුණරත්න මහතාවද සිහිකරමින් පැන් වඩා පින් අනුමෝදන් කිරීම සිදුකෙරිණි.