web hit counter
රේගුවට වාර්තා ගත ආදායමක්

රේගුවට වාර්තා ගත ආදායමක්

පසුගිය ඔක්තෝබර් මස රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන 109 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරනවා.

මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම බවයි වාර්තා වන්නේ.

බදු රැස් කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුවක් වූ අතර මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවයි, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කලේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )