වරාය ලොක්කෙකුගේ නිවසට පැන රුපියල් කෝටියක් වටිනා ඩොලර් කොල්ලකාලා

වරාය ලොක්කෙකුගේ නිවසට පැන රුපියල් කෝටියක් වටිනා ඩොලර් කොල්ලකාලා

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මානව සම්පත් සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන නලීන් අපොන්සෝ ගේ බොරලැස්ගමුව කටුවාවල මාවත, පළමු පටුමගේ පිහිටි නිවසට ඊයේ (12) දහවල් 1.30 ට පමණ ඇතුලුවූ පුද්ගලයකු නිවසේ මෙහෙකාරියට උල් පිහියක් එල්ලකර මරණීය තර්ජන කර නිවසේ තිබූ රුපියල් එක්කෝටි හත්ලක්ෂ හත්දාස් අටසීයක (10707800 /=) විදේශීය ඩොලර්, රුපියල් ලක්ෂ පනස් පහක දේශීය මුදල්, ඇතූලු රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

මෙම නිවසේ මෙහෙකාරියක්ද සිට ඇති අතර, මීට දින 12 කට පෙර පැමිණ සිටි මෙහෙකාරියගේ සැමියාත් වයස 10 ක දරුවාත් සිද්ධිය වූ දිනයේ නිවසේ රැදී සිට ඇත.

සිද්ධිය වූ 12 වන දින මෙහෙකාරිය විසින් තම සැමියා හා දරුවා ගමේ යාම සදහා මහරගමට ඇරලවා ඒමට ගොස් දහවල් නැවත මෙහෙකාරිය පමණක් නිවසට පැමිණි අවස්ථාවේ පිටුපස දොර විවෘත කරනවාත් සමග පිටුපසින් පැමිණි පුද්ගලයෙකු එකවර කඩාපැන උල්පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර ගෙතුලට රැගෙන ගොස් දෑත් බැද ගෙහිමියන්ගේ දේපල ඇතිතැන් ඇයලවා හදුනාගන ඒවායේ තිබූ මෙම ඇමරිකන් ඩොලර් 10400 ක තොගය හා රුපියල් ලක්ෂ පනස් පහක මෙරට මුදල් හා රුපියල් හතලිස් හයලක්ෂ පන්දහසක් වටිනා රන්භාණ්ඩ ඇතුලු දේපල මංකොල්ලකා පලාගොස් ඇතැයිද පොලීසිය පවසයි.