රේගුවේ සිරවූ පොදු ප්‍රවාහන රථ නිදහස් කර ගැනීමට අවසර

රේගුවේ සිරවූ පොදු ප්‍රවාහන රථ නිදහස් කර ගැනීමට අවසර

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ, විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට ලබා දුන් අවසරය යටතේ ආනයනය තහනම් කාලසීමාවේ ආනයනය කර රේගුවේ රඳවාගෙන ඇති රථ නිදහස් කර ගැනීම සඳහා ද අවසර හිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එලෙස රඳවාගෙන ඇති රේගු ප්‍රකාශන ලබා දී නොමැති රථ, ආනයන අපනයන පාලක ජනරාල් වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව තොටුපොළ තෙක් වටිනාකම (CIF Value) මත අය කෙරෙන 30%ක බද්දක් ගෙවා මුදාගත හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ, විශේෂ කාර්ය සඳහා සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ලොරි සහ ට්‍රක් රථ ආනයනය සඳහා ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට අවසර හිමිව තිබෙනවා.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, කැළිකසළ ඉවත් කිරීම සඳහා යොදා ගන්නා ලොරි, ගිනි නිවන රථ වැනි විශේෂ කාර්ය සඳහා භාවිත වන රථ සඳහා ද මේ යටතේ අවසර හිමිවන බවයි.

බස් රථ ආනයනය සඳහා අවසර ලබා දීම, මගී ප්‍රවාහන පහසුකම් ශක්තිමත් කිරීම සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා හේතුවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

Share This