web hit counter
බොරතෙල් සපයන දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට

බොරතෙල් සපයන දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට

බොර තෙල් නැව් තොග තුනක් මිලදී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s vitol asia pre.Ltd. සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

2024-1-15 දින සිට 2024-6-14 දක්වා කාලයේ බොරතෙල් මිලදී ගැනීමට මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.

එම කාලයේ බොරතෙල් නැව් තොග තුනක් 109%ක් ගබඩාගත ටැංකි වලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය යටතේ මිලදී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් පිරිනැමීම සඳහා ලංසු කැඳයා ඇති අතර ඒ සඳහා ලංසු දෙකක් ලැබී ඇත.

එකී ලංසු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ මත අදාල සිංගප්පූරු සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )